ව්‍යාපෘතියේ නම

කළුතර සිට පයාගල දක්වා දුම්රිය මාර්ගය ද්විත්වකරණය කිරීම.

හැඳින්වීම

යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම.
  • මගී සුව පහසුව.

ප්‍රගතිය

  • 50%

ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම

ව්‍යාපෘතියේ නම

ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම

හැඳින්වීම

මෙම ව්‍යාපෘතිය යටතේ මේවන විට සේවකයින් 4048 ක් විශ්‍රාම ගැන්වීම සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කර ඇත. එයින් 3172 ක ප්‍රමාණයක් 2017.02.02 දින වන විට විශ්‍රාම ගැන්වීම සිදු කර ඇත. තවත් 642 ක ප්‍රමාණයක් ඉදිරියේදී විශ්‍රාම ගැන්වීමට නියමිතය.

අරමුණ

ආයතනයේ පවතින අතිරික්ත සේවකයින් ස්වේච්ඡාවෙන් ඉවත් කර අවශ්‍ය සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාම.

තවත් කියවන්න...

ශ්‍රී ලංගම බස් රථ සඳහා අවශ්‍ය Electronic Tickets Machine ලබා ගැනීම

ව්‍යාපෘතියේ නම

ශ්‍රී ලංගම බස් රථ සඳහා අවශ්‍ය Electronic Tickets Machine ලබා ගැනීම.

හැඳින්වීම

2015 වර්ෂය ආරම්භ වන විට ශ්‍රී ලංගම සතුව Ticket machine 3700 ක් භාවිතයට ගනිමින් පැවති අතර 2015 වර්ෂයේ සිට මේ දක්වා Machine 3,800 ක් ශ්‍රී ලංගමය වෙත ලබා ගෙන ඇත. මෙම යන්ත්‍ර 3800 ක් සඳහා රු.මිලියන 115.01 ක මුදලක් ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් ලබා ගෙන ගෙවීම් සිදු කර ඇත.

අරමුණ

වර්තමානයට ගැලපෙන ආකාරයෙන් නව තාක්ෂණය යොදා ගනිමින් මඟි අවශ්‍යත‍ා සපුරා ලීම.

තවත් කියවන්න...

ශ්‍රී ලංගම සඳහා එන්ජින් කට්ට 500 ක් මිලදි ගැනීම

ව්‍යාපෘතියේ නම

ශ්‍රී ලංගම සඳහා එන්ජින් කට්ටල 500 ක් මිලදි ගැනීම.

හැඳින්වීම

මෙම ව්‍යාපෘතිය යටතේ එන්ජින් කට්ටල 500 මිලට ගැණිම සඳහා මිල ගණන් කැදවූ අතර එයින් ලේලන්ඩ් එන්ජින් 326 ක් ලබා ගැනීමට ණයවර ලිපි ඉදිරිපත් කර ඇත. තවත් එන්ජින් 163 ක් මිලදි ගැනීමට අනුමැතිය ලිබී ඇත.

අරමුණ / ප්‍රතිලාභ

රථ ඇණිය ධාවනයට සුදුසු මට්ටමක පවත්වාගෙන යමින් යාවත්කාලීන කිරීම.

තවත් කියවන්න...

බස් රථ 1000 ක් නවීකරණය කිරීම

ව්‍යාපෘතියේ නම

බස් රථ 1000ක් නවීකරණය කිරීම.

හැඳින්වීම

මෙම ව්‍යාපෘතිය යටතේ ආසන 42-46 ප්‍රමාණයේ බස් රථ 900 ක් හා low floor බසර රථ 100 ක් ද මේ යටතේ මිලදි ගැනීමට නියමිතය. මේ සඳහා කැබ්නට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛණ සකසා මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.

අරමුණ

රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මඟි අවශ්‍යතා තහවුරු කිරීම.

තවත් කියවන්න...

රථ ඇණිය පුනරුත්තාපනය, ආයතනික සංවර්ධනය හා ගොඩනැගිලි නඩත්තුව

ව්‍යාපෘතියේ නම

රථ ඇණිය පුනරුත්තාපනය, ආයතනික සංවර්ධනය හා ගොඩනැගිලි නඩත්තුව.

හැඳින්වීම

මෙම ව්‍යාපෘතිය සඳහා භාණ්ඩාගාර අරමුදල් මඟින් රු.මිලියන 1084.49 ක් ලැබී ඇති අතර එයින් එංජින් 419 ක් ජියර් පෙට්ටි 195 ක් බස් බොඩි 211 ක් නිෂ්පාදනය කර ඇත අතර මීට අමතරව සුළු අළුත්වැඩියා සඳහා මුදල් වැය කර ඇත.

අරමුණ

රථ ඇණිය ධවනයට සුදුසු මට්ටමක පවත්වාගෙන යමින් යාවත්කාලීන කිරීම.

තවත් කියවන්න...

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ආනයනය කළ බස් රථ සඳහා වාරික ගෙවීම

ව්‍යාපෘතියේ නම

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ආනයනය කළ බස් රථ සඳහා වාරික ගෙවීම.

හැඳින්වීම

2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ රුපියල් මිලියන 237.42 ක් ගවා ඇති අතර 2014 වර්ෂයේ සිට මේ වන විට ගෙවා ඇති මුළු රු.මි 648.68 කි.

අරමුණ

රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මඟී අවශ්‍යතා තහවුරු කිරීම

තවත් කියවන්න...

නව බස් රථ 2200 මිලදී ගැනීම

ව්‍යාපෘතියේ නම

නව බස් රථ 2200ක් මිලදි ගැනීම

හැඳින්වීම

2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා මේ වෙනුවෙන් 2016 වර්ෂය සඳහා භාණ්ඩාගාර අරමුදල් මගින් රු. මිලියන 1000.00 ශ්‍රී ලංගම මගින් රු.මිලියන 1448.88 වශයෙන් රු.මිලියන 2448.88 ගෙවා ඇත. ඒ අනුව 2014 වර්ෂයේ සිට ගෙවා ඇති මුළු මුදල රු.මිලියන 4341.32 කි.

අරමුණ

රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මගී අවශ්‍යතා තහවුරු කිරීම.

තවත් කියවන්න...