News
News
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020-06-08 ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවය සඳහා වාර්තා කරන වේලාවන් සංශෝධනය කරන ලෙස එතුමා විසින් උපදෙස් දී තිබිණ.
දැනට සේවා ස්ථාන සඳහා වාර්තා කරන වේලාවන් සහ පාසල් ආරම්භ කරන වේලාවන් ආසන්න කාලසීමාවක් තුළ පවතින බැවින් දෛනිකව අධික වාහන තදබදයක් නගරාසන්නව පවතී. එම නිසා දිනපතා කාලය මෙන්ම සම්පත් ද අපතේ යාමක් සිදුවන බව පෙනී ගොස් ඇත.
ඒ අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2020-06-09 දින ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේදී ප්‍රවාහන පහසුකම් නැංවීම සඳහා පත් කරන ලද කමිටුව රැස් වූහ. එහිදී ප්‍රවාහන සේවා කළමණාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ: අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනය සඳහා පියවර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි. ඒ අනුව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුවට ජාතික ගමනාගමන කොමිසම, ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයින් පත් කරනු ලැබීය.
ඔවුන් විසින් කාර්යාල වේලාවන් සංශෝධනය සම්බන්ධ නිර්දේශ දින තුනක් තුළ ලබා දිය යුතු අතර එම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත වැඩිදුර අධ්‍යයනය සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිතය. ජාතික ගමනාගමන කොමිසම මගින් මේ සම්බන්ධව සමීක්ෂණයක් පැවැත්වීමටත් විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර යහපත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.
අද දින පැවති සාකච්ඡාවට ප්‍රවාහන සේවා කළමණකාරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනෙවිරත්න මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.
චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් 2020-05-06 දින රත්මලාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.විදුලිබල හා බලශක්ති , ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු ආරම්භ කරන ලද අතර අද දින එම පරීක්ෂණ ධාවන කටයුතු රත්මලාන සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරිණි.
මේ අන්දමින් ඉතිරි දුම්රිය බලවේග කට්ටවල ද පරීක්ෂණ ධාවන මෙහෙයුම්ආරම්භ කෙරෙන අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දැනට ප්‍රවාහණ සේවා නවත්වා ඇතත්, රජය විසින් පොදු ප්‍රවාහණ සේවා ආරම්භ කළ පසු දැනටආනයනය කර තිබෙන බලවේග කට්ටල 09ම පොදු ප්‍රවාහණ සේවාව සඳහා යොදවන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
විශේෂයෙන් අප රටේ පවතින මාර්ග තදබදය අවම කිරීමට නම් පොදු ප්රවාහණය ශක්තිමත් කළ යුතුය. ඒ නිසා ඉදිරියේ දී ඉදි කෙරෙන දුම්රිය ස්ථාන සියල්ලම පුද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව ඉදි කිරිමට සැලසුම් කර තිබෙනබව ද කීය.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඉදිරි පාලන කාලය තුළ මෙරට ප්‍රවාහණ පද්ධතිය සම්පූර්ණයෙන්ම නවීකරණය කර මහජනතාවට පහසු සේවයක් සැලසීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් වසර 25ක් තිස්සේ භාවිතයෙන් පසු ඉවත් කරන ලද දුම්රිය මැදිරි 1000ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නියමු වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
විශේෂයෙන් දුම්රිය මැදිරි අලුතින් ආනයනය නොකර, භාවිතයෙන් අනතුරුව ඉවත් කර ඇති එහෙත් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව හොඳින් ප්‍රවාහණ සේවාවන් සඳහා යොදා ගත හැකි දුම්රිය මැඳිරි ගණනාවක් මේ වන විට රත්මලාන ඇතුලු දුම්රිය අංගනවල ගාල් කර තිබේ.
මෙම දුම්රිය මැඳිරි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය තරම් සේවක මණ්ඩල සිටින නිසා වහාම එසේ භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැඳිරි 1000ක් වහාම ප්‍රතිසංස්කරණය කිරීම අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
මහජන මුදල් අයථා පරිහරණය වළක්වමින් විදේශ රටවල් කරා ඇදි යනි විශාල මුදල් සම්භාරයක් මේ නිසා රජයට ඉතිරි කර දීම තම අරමුණ බව කී අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ දක්ෂ සේවක පිරිසක් සිටිය දී මෙම දුම්රිය මැඳිරි දිරාපත්වන්නට ඉඩ හැරීම ජාතික අපරාධයක් බවත් සඳහන් කළේය
.
දැනට කොළඹ දුම්රිය ස්ථානයේ හා කොළඔ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස්රථ නැවතුම් පොළහි මෙන්ම කොළඹ ලංගම බස් නැවතුම් පොළහි මගී ජනතාව කොරෝනො වෛයිරස් ආසාදනයෙන් වලක්වා ගැනීම සඳහා ඔවුන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයා දී තිබේ.
මෙම වැඩ පිළිවෙල තවත් පුලුල් කරමින් දිවයිනේ සෑම දුම්රිය පොලකම, මෙන්ම බස් නැවතුම් පොළවල ද මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2020-03-15 දින නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය හා බස් රථ විෂබීජානුහරණය කිරීමේ වැඩ පිළිවෙළක්ද මේ වනවිට ආරමභකර ඇති අතර එම කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න අධීක්ෂණය ට ලක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනා ගමන මණ්ඩලයට මෙන්ම ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද උපදෙස් දී තිබේ.
ඇඳිර නීතිය ලිහිල් කිරීමන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික ආයතන 2020-05-11 දින සීමාවන් සහිතව විවෘත කිරීමට රජය ගත් තීරණයෙන් පසු ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාතයංශයද සෞඛ්‍ය උපදෙස් පරිදි ප්‍රවාහණ සේවා සැලසීමට සුදුසු පියවර ගන්නා ලදී.
ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2020-05-11 දින ය කොටුව දුම්රිය ස්ථානයට ගොස් එහි කටයුතු නිරීක්ෂනය කලේය.විශේෂයෙන්ම දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙන මගින්ගේ ශරීරි උෂ්ණත්වය මැනෙබලන අධි සංවේදි කැමරා පද්ධතිය අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කලේය.
කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය විෂබීජානුහරණය කිරීමේ වැඩ පිළිවෙළක්ද මේ වනවිට ආරමභකර ඇති අතර එම කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න අධීක්ෂණය ට ලක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද උපදෙස් දී තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න, දුම්රිය දෙපාර්තමේන්තුවහි සාමාන්‍යධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.
Latest News
- ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....
- Seamless travel from the Makumbura Multimodal Centre with Uber
- Government Urges Public Caution to Reduce Road Accidents and Firework Incidents During the New Year Season
- කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින් "කැලිප්සෝ" සහ "වයිස්රෝයි" සියවස් සමරු උළෙලට එක්වෙයි.
- Transforming Urban Mobility
- Driver's Licenses for Foreigners at the Airport...
- Awareness of Traffic Rules for School... Student Forums on Road Safety in Every School
- A new mechanism to prevent bus accidents.... Ministry of Transport and Highways and National Transport Commission Seek Public Support.