News
News
වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවේදී ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්රයේ ඉදිරි සැලසුම් පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
"රට තුළ ඇති වූ ආර්ථික අර්බුද හමුවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව සියලු දෙනා විශාල පීඩාවන්ට මුහුණ දුන්නා. රටේ විදේශ සංචිත හිඟවීම හේතුවෙන් රට කිසිසේත් නැවත ගොඩ ගත නොහැකි තත්ත්වයකට පත්වුණා. ඒ තුළින් විශාල සමාජ අසහනයක් සහ ජනතාව අතර නො සන්සුන්තාවක් ඇතිවුණා.
එවැනි දරුණු අවදානම් තත්ත්වයක පැවැති රට නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා විශාල කැපකිරීමක් සහ වගකීමක් ඉටුකළා. එහි ප්‍රතිඵලයක් ලෙස රට ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයක් ඇතිකරගෙන තිබෙනවා. ලබාගත් ණය නැවත ගෙවා අවසන් කිරීම සඳහා මේ වන විට වැඩපිළිවෙලක් සකසා අවසන්.
ආරම්භ කර තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති පසුගිය වසර තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙතෙක් සිදුකළ සියලු ප්‍රාග්ධන වියදම් දරා ඇත්තේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීම තුළින්. නමුත් තවදුරටත් ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වය තුළ දෙස් විදෙස් විශේෂඥයින්, මිත්‍ර රටවල රාජ්‍ය නායකයින් සියලු දෙනාගේ සහාය ලබා ගනිමින් ණයත් නැවත ගෙවීම පිළිබඳ එකඟතාවයන්ට එළැඹීමට හැකිවීම හේතුවෙන් මේ වර්ෂයේ නැවත රට තුළ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ හැකියාව උදාවී තිබෙනවා. ඒ අනුව උතුරු පළාතේ ද අතරමග නතර වී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා.
මෑත භාගයේ වැඩිම ආයෝජනයක් සිදුකර තිබෙන ව්‍යාපෘතිය වන්නේ උතුරු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ප්‍රථම වරට අනුරාධපුර සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කොට තිබෙනවා. එළඹෙන හත් වැනිදා මහව සිට අනුරාධපුර දක්වා කොටසේද නවීකරණ කටයුතු ආරම්භ වනවා. එළඹෙන පොසොන් පෝයට පෙර එම කොටසද විවෘත කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ අනුව යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය පහ හමාරක් දක්වා අඩු කිරීමට හැකි වනු ඇති. ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය ලංකාවේ දුම්රිය මාර්ග අතරින් සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කළ, ඉදිරි වසර පනහක් පමණ දක්වා නැවත ප්රතිසංස්කරණයක් අවශ්‍ය නොවන දුම්රිය මාර්ගය බවට පත් වනු ඇති.
ඉන් අනතුරුව සතියකට දින දෙකක් හෝ යාපනය කොළඹ අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රියක් යෙදවීමටත්, නව ආකාරයේ සංචාරක දුම්රිය සේවාවන් කිහිපයක් ආරම්භ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ගේට්ටු නොමැති සංඤා පූරු පමණක් සවිකර ඇති හරස් මාර්ග සඳහා වඩාත් ආරක්ෂිත Bell & Light ගේට්ටු ලබාදීමේ වැඩපිළිවෙලක් මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික අධිකාරිය සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදනවා.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු නව බස් රථ සෑම ඩිපෝවක් වෙතම බෙදා දී තිබෙනවා. ඩිපෝ ලබන ආදායමෙන් මුදල් ගෙවීමේ පදනම යටතේ වායු සමීකරණය කරන ලද බස් රථ ඇතුළු බස් රථ දහසක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. එමෙන්ම අබලන්ව පවතින බස් රථ සඳහා නව එන්ජින් ලබාදී නැවත ධාවන තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වසර තුළ ක්‍රියාත්මක වනවා.
අනුරාධපුර සහ මිහින්තලය විසල් නගරයන් කේන්ද්‍ර කර ගනිමින් සැපයුම් කේන්ද්‍රස්ථානයක් ඇති කිරීම සඳහා දුම්රිය මාර්ගයේ මූලික කරගත් ව්‍යාපෘතියක් සඳහා අයවැය සඳහා යෝජනාවක්ද ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම දුම්රිය රක්ෂිතය ආශ්රිත ඉඩම් කෘෂිකර්මික කටයුතු ඇතුළු ඵලදායි ව්‍යාපෘති සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීම සඳහා මේ වන විට යෝජනා ලබා ගනිමින් තිබෙනවා. එමෙන්ම Station plaza සංකල්පය පිළිබඳ යෝජනාවක්ද මෙවර අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබෙනවා. එම නිසා සියලු දෙනාගේම දායකත්වයෙන් මේ වසර තුළ නැවත රට ගොඩනැගීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා."
ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, වවුනියාව සම්බන්ධිකරන කමිටු සභාපති කුලසිංහම් දිලීපන් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පළාත් මහලේකම් තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවාවන් සැලසීම පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් යාපනය කොණ්ඩාවිල් හි පිහිටි උතුරු ප්‍රාදේශික කාර්යාලයේ සහ යාපනය ඩිපෝවේ විශේෂ නිරීක්ෂණයකට එක්විය.
ඩිපෝ පරිශ්‍රය නිරීක්ෂණය කරමින් එහි පරිපාලනය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්ව අමාත්‍යවරයා ආයතනයේ සංවර්ධනය උදෙසා සියලු සේවකයින්ගේ අදහස් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
අමාත්‍යතුමාගේ සංචාරය සිහිපත් කරමින් ඩිපෝ කාර්යමණ්ඩලය මගින් අමාත්‍යතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීමද සිදුවිය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන ) පණ්ඩුක ස්වර්ණහංස මහතා, උතුරු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමනාකාර ආර්. එම්. ඩී. විජිත ධර්මසේන මහතා, යාපනය ඩිපෝ කළමනාකාර එන්. ගුණසීලන් මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් මේ අවස්ථාවට එක්ව සිටියහ.
උතුරු පළාතේ පොදු ප්‍රවාහන සේවාවන්හි පවතින තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වවුනියාව දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක්විය.
එහිදී දුම්රිය ස්ථානය සහ ඒ ආශ්රිත දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිරීක්ෂණය කල අමාත්‍යවරයා, ඌණ උපයෝජිත වත්කම් කළමනාකරණය යටතේ පවතින සම්පත් ඵලදායි අයෝජනය සඳහා යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නියෝජනය කරමින් දිස්ත්‍රික් ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා, සහකාර ආරක්ෂක අධිකාරී (උතුරු නැගෙනහිර) ආර් එම් බී ඒ රත්නමලල මහතා, වවුනියාව දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක් විය
පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය ජනවාරි 7 වනදා සිට වසාදමනවා..
යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යාපනය දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක් විය.
එහිදී පසුගිය වසර තුළ දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් උතුරු දුම්රිය මාර්ගය වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් විශාල ආයෝජනයක් සිදු කරන ලද බවත් ඒ යටතේ මේ වන විටත් අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනය කිරීමට හැකි ආකාරයෙන් නවීකරණය කර ජනතා අයිතියට පත් කර ඇති අතරම එළඹෙන හත් වැනිදා සිට ආරම්භ කෙරෙන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමෙන් අනතුරුව තවත් වසර පනහක් පමණ වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අති විශාල පිරිවැයක් දරමින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව භාණ්ඩ සහ මගී ප්‍රවාහනයටත් සංචාරක ව්‍යාපාරයටත් ගැලපෙන ආකාරයේ පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්තියක් යටතේ ගාස්තු ක්‍රමයක් ඇති කිරීම ඉතාමත් වැදගත් වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකදී උතුරු දුම්රිය මාර්ගය පහසුවෙන්ම විදුලියට පරිවර්තනය කිරීමට හැකියාව පවතින බවත් ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කරන ලෙස දුම්රිය සාමාන්යාධිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
පවතින මූල්‍ය තත්ත්වය යටතේ රජයට නව ආයෝජන සඳහා මුදල් වෙන් කිරීමට හැකියාවක් නොමැති බැවින් පුද්ගලික අංශයටද සංචාරක දුම්රිය සඳහා ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්තා ලබාදීම කාලෝචිත වන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
යාපනය වෙළඳ සංගමය සමග එකඟතාවයෙන් කොළඹ යාපනය අතර භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීම, තිරිඟු පිටි ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරයට පහසුකම් සැපයීම වැනි නව විදේශ විනිමය ඉපැයුම් මාර්ග සඳහා යොමුවීම තුළින් පවතින ආර්ථික අර්බුදයට නිර්මාණශීලී විසඳුම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවට දායක විය හැකි බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව බණ්ඩාර මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා, යාපනය දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උතුරු පළාතේ පොදු ප්‍රවාහන සේවාවන්හි පවතින තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වවුනියාව දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක්විය.
එහිදී දුම්රිය ස්ථානය සහ ඒ ආශ්රිත දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිරීක්ෂණය කල අමාත්‍යවරයා, ඌණ උපයෝජිත වත්කම් කළමනාකරණය යටතේ පවතින සම්පත් ඵලදායි අයෝජනය සඳහා යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නියෝජනය කරමින් දිස්ත්‍රික් ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා, සහකාර ආරක්ෂක අධිකාරී (උතුරු නැගෙනහිර) ආර් එම් බී ඒ රත්නමලල මහතා, වවුනියාව දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක් විය.
Latest News
- ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....
- Seamless travel from the Makumbura Multimodal Centre with Uber
- Government Urges Public Caution to Reduce Road Accidents and Firework Incidents During the New Year Season
- කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින් "කැලිප්සෝ" සහ "වයිස්රෝයි" සියවස් සමරු උළෙලට එක්වෙයි.
- Transforming Urban Mobility
- Driver's Licenses for Foreigners at the Airport...
- Awareness of Traffic Rules for School... Student Forums on Road Safety in Every School
- A new mechanism to prevent bus accidents.... Ministry of Transport and Highways and National Transport Commission Seek Public Support.