දැක්ම

"සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක්"

මෙහෙවර

"තිරසර සංවර්ධනය උදෙසා මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහි කිරීම"

හැඳින්වීම

1998 අංක 05 දරණ මෝටර් වාහන සංශෝධන පනත මඟින් ස්ථාපිත කර ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ක්‍රියාත්මක වේ. සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව යටතේ ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන 16 ක් සහ රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයකුගෙන් සමන්විත වන අතර, මෝටර් රථ වාහන පනතේ 213 “අ” වගන්තියෙන් මෙම සභාවේ කාර්ය භාරය දක්වා ඇති අතර, එම සභාවට අරමුදල් සැපයීම සඳහා මාර්ග ආරක්ෂණ අරමුදල පිහිටුවා ඇත. මෙම අරමුදල සඳහා තුන්වන පාර්ශවයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් 1% ක මාර්ග ආරක්ෂණ බද්දක් අයකරන අතර එම අයකරන බදු මුදල මාසිකව මෙම අරමුදලට අදාල රක්ෂණ ආයතනය විසින් බැර කෙරේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ අරමුණු

  • විනය ගරුක හා නීති ගරුක රියදුරන් බිහි කිරීම තුළින් ඉහළ ගුණාත්මක රියදුරු සේවාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම.
  • හප්පා පලා යෑම නිසා වින්දිත වූ පවුල් සඳහා මූල්‍යාධාර ලබා දීම සහ එවැනි අනතුරු අවම කිරීමට ක්‍රියා කිරීම.
  • මාර්ගය සහ එය භාවිතාකරන වාහන හා ගමන් ගන්නා මගීන් ඇතුළු පදිකයින්ගේ ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හදුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරිම.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත එක් රැස් කිරීම, සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම සහ අන්තර් ජාතික සම්බන්ධීකරණය වර්ධනය කර ගැනීම.
  • රාජ්‍ය අංශය‚ රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික ආයතන සමඟ එක්ව ජාතික මාර්ග ආරක්ෂණ ප්‍ර‍තිපත්ති ක්‍රියාවට නැංවීම හා පැන නැගෙන දුර්වලතා අවම කර ගැනීම.
  • මාර්ග අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • ආර්ථික තාක්ෂණික සහ සමාජීය වශයෙන් ක්‍රියාත්මක කලහැකි ක්‍රියාකාරකම් සහ පරිසර හිතකාමී ආරක්ෂිත පියවරවල් අනුගමනය කිරීම සඳහා මූල්‍යාධාර සහ උපදෙස් ලබාදීම.
  • ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය සැකසීමට හා එහි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දීම.
  • මාර්ග ආරක්ෂාවට අදාළ නීති සැකසිම සංශෝධනය වැනි ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීම.

 

නම සහ තනතුර දුරකතන අංකය ෆැක්ස් අංකය ඊමේල් ලිපිනය

මලිත් ජයතිලක මයා

සභාපති

+94 113 168 501 +94 112 680 163

ncrstransport[at]gmail.com

 ආර්. ඒ. කේ. රේණුකා මිය

ලේකම්

+94 112 687 435 +94 112 681 403 -

 

 
 
 
 

නවතම පුවත්