IMG 20240326 WA0006වර්ථමානය වනවිට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර, රිය අනතුරු මගින් දිනකට අර්ධ බෙලහීන මෙන්ම පූර්ණ බෙලහීනත්වයට පත්වන ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී තිබේ. එමෙන්ම  ඒ තුළින් මියයන සංඛ්‍යාවද සංඛ්‍යාත්මකව වර්ධනය වී තිබේ. එබැවින්  රිය අනතුරු අවම කිරීමේ දැනුවත් කිරීම් පාසල් මට්ටමින් ආරම්භ කිරීමේ වැදගත් කම අවධාරනය කර ඇති අතර ඒ අනුව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්ව සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය සංසද පිහිටුවීමට සැලසුම් කර තිබේ.

අප්‍රේල් 03 වෙනිදා සිට ආරම්භ කෙරෙන මෙම නව වැඩසටහන තුලින් විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත ශ්‍රේණි මට්ටමින් පාසල් සිසුන්ට මාර්ග ආරක්ෂාව පිළීබව විශේෂ දැනුමක් ලබාදීමට නියමිතව ඇත. ඊට අමතරව එම සංසද ක්‍රියාකාරකම් කෙරෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ උද්යෝගයක් ඇතිකිරීම සදහා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ඇගයීමේ පදක්කම් පිරිනැමීමට ද  සැලසුම් කර ඇති අතර පියවර කිහිපයක් ඔස්සේ ජනාධිපති පදක්කම් මට්ටම දක්වා ම මෙම ඇගයීමේ ක්‍රියාවලිය සැලසුම් කර තිබේ. එසේම මෙහි සුවිශේෂීත්වය වන්නේ, රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කිරීමේදී මෙම ජනාධිපති පදක්කම් ලාභීන් ලිඛිත පරීක්ෂණයෙන් නිදහස් කිරීමයි.

මෙම පාසල් සංසද පිහිටුවීමට සමගාමීව අධ්‍යාපන විද්‍යා පීඨයන්හිද මාර්ග ආරක්ෂාව පිළිබඳ සංසද පිහිටුවා මේ ආකාරයෙන්ම ගුරුවරුන් දැනුවත් කිරීම් ද සිදු කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතරව ‍රිය අනතුරු සහ මාර්ග නීති සම්බන්ධව පෙර පාසල් මට්ටමින් දැනුවත් කිරීම් සිදුකිරීම සඳහා ද ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

නවතම පුවත්