WhatsApp Image 2024 03 22 at 23.49.33 1ශ්‍රී ලංකාව තුල දෛනිකව සිදුවන්නාවූ මරණ වලින් විශාල ප්‍රතිශතයක් මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන අතර රියදුරන්ගේ නොසැලකිලිමත් බව මෙන්ම අපරික්ෂාකාරි බව මේ සඳහා මූලිකම හේතු ලෙස දැක්විය හැක. මෙසේ සිදුවන්නාවූ බස් රථ අනතුරු වළක්වා ගැනීම සදහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව නව ක්‍රමවේදයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, මාර්ගයන්හි ධාවනයවන බස් රථවල ධාවනයේ ගුණාත්මකබව, අඩුපාඩු, අපරීක්ෂාකාරි ධාවනය ආදිය හේතුවෙන් මහජනාව දෛනිකව මුහුණ දෙන්නාවූ පීඩාකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ක්ෂණිකව අදාළ ආයතන දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකසා ඇත.

එම ක්‍රමවේදයට අනුව මගී ජනතාවට මුහුණපැමට වන දුෂ්කරතා සම්බන්ධයෙන් දුරකතන, ෆැක්ස්, ඉමේල්, whatsapp  හෝ ලිපි මගින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව  දැනුවත් කිරීමේ හැකියාව සලසා තිබේ. එම පැමිණිළි අනුව ක්‍රියාත්මකවී, මගී ජනතාවට සිදුවන අපහසුතා මගහරවා, ඔවුනට ආරක්ෂාකාරී, සුවපහසු ප්‍රවාහන පද්ධතියක් සකස් කරදීම, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රමුඛ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අරමුණ වේ.

ඒ අනුව ක්ෂණික ඇමතුම් 1955 / whatsapp 0712595555 / ඉ මේල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / ෆැක්ස් 0112503725, 0112058138 හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අංක 241, උද්‍යාන පාර, කොළඹ 05 යන ලිපිනයට බස් මගීන්ගේ පැමිණිලි යොමු කිරීමට අවස්ථාව සලසා තිබේ.

අනාරක්ෂිත හා නොසැලකිලිමත් බස් රථ ධාවනයන් ජනතාවට අත්වන පීඩාවන් ඉහත ආකාරයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත යොමු කිරීමෙන් එම පීඩාකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී, ඒ සඳහා නිසි පියවර ගන්නා බවත්, ඒ අනුව ජාතික සත්කාරයක් සේ සලකා මෙම ක්‍රියාවලියට සහාය දක්වන ලෙසත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

නවතම පුවත්