WhatsApp Image 2024 03 18 at 12.34.36sinhalaශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය ස්ථානවලට අදාළ ගොඩනැගිලි වාණිජමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති නාගරික ප්‍රදේශවලට කේන්ද්‍රගතව ඇති නමුත් එම ගොඩනැගිලි හා ඒ ආශ්‍රිතව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල වර්තමාන පරිහරණය පිළිබඳ සලකා බැලීමේදී ඒවායේ ඇති ආර්ථිකමය විභවතාවයන් මේ දක්වා සාධනීය ලෙස භාවිතා කර නොමැති බව තහවුරු වී ඇත.

ප්‍රවාහන ක්ෂේත්‍රය නව්‍යකරණය තුළින් තිරසාර සංවර්ධනයක් කරා යන ගමන්මගේ සුවිශේෂි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, කොළඹ නගරය ආශ්‍රිතව දුම්රිය ස්ථාන පිහිටි භූමිය හා ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩි දියුණු කිරීමේ ඉහළ විභවතාවයක් පවතී. එබැවින් රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ එකී ගොඩනැගිලි වැඩිදියුණු කිරීමට සුදුසු ක්‍රමවේදයක්ද සහිතව ඒකාබද්ධ යෝජනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා අදාළ පාර්ශවකාර ආයතනද අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවට අනුමැතිය ලද අතර ඒ අනුව ඉහත සඳහන් කල පැරණි දුම්රිය ස්ථානයන් නවීකරණයට ලක්කොට, වානිජ මධ්‍යස්ථාන බවට පත්කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් නව ක්‍රමවේදයක් සකස් කෙරේ.

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලූපිටිය දෙහිවල, ගල්කිස්ස, සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථාන  6 මෙම ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා යෝජනා වී ඇත. මීට අමතරව ආයෝජකයන් කැමැත්ත පළකරනු ලබන වෙනත් දුම්රිය ස්ථාන වේනම් ඒ පිළිබඳවද  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සලකා බලනු ලබයි.

රාජ්‍ය අංශය සතු මූලික වගකීම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වුවද එය ව්‍යාපාරික මුහුණුවරකින් සිදුකිරීම තුලින් යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව මූල්‍යමය ප්‍රතිලාභයක්ද හිමිකර ගැනීම මෙම නව ව්‍යාපෘතියේ විශේෂත්වයයි. එමෙන්ම ප්‍රතිනිර්මාණය වන දුම්රිය ස්ථානයන්හි බහුවිධ අවශ්‍යතා  සපුරාලමින්, ජනතාවට සුභෝපභෝගී ජීවන රටාවකට අනුගත වියහැකි පරිදි පහසුකම් මෙන්ම වානිජ කාර්යයන් සඳහාද පහසුකම් ලබාදීමද අපේක්ෂා කෙරේ. තවද, මෙම ව්‍යාපෘතියේ වක්‍ර ප්‍රතිලාභයක් ලෙස නගර අලංකරණය  සිදුවන අතර ඒ තුලින් දේශීය සහ විදේශීය සංචාරක ආකර්ශනය වැඩිවන අතර එමඟින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය අතිවිශාලය.

ඒසඳහා තම අභිලාශයන් ප්‍රකාශකිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට අවස්ථාව සලසාදීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් විවෘත ආරාධනයක් කර සිටී. 2024 අප්‍රේල් 01 දින සිට www.transport.gov.lk වෙබ් අඩවිය තුළින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ  සවිස්තරාත්මක තොරතුරු, මාර්ගෝපදේශයන් ආයෝජකයන්ට/ මහජනතාවට ලබාදීමට නියමිතය.

නවතම පුවත්