දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අලුතින් ස්ථාපිත වාහන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදුවිය.
ඉදිරියේදී මෙම සේවා මධ්‍යස්ථානය පුළුල් කර දුමිරිය දෙපාර්තුමේන්තුව සතු සියලුම වාහනවලට සේවා සැපයීම මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් ඉතිරිකර ගැනීමට මෙන්ම පුද්ගලික අංශයටද සේවා සැපයීමට හැකිනම් අමතර ආදායමක් උපයා ගැනීමට හැකි බවද විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍ය අධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර, දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (කාර්මික) කීර්ති හේවාවිතාරණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.