3wl

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,

පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහන මාධ්‍යයන් වෙත ශ්‍රී ලංකාව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන එක්ව මෙරටට විදුලි බලය භාවිතා කෙරෙන ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වාදීමසඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘති යටතේ සිදුකරන ලද ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම, පරිසර දූෂණය අවම කර තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම, ප්‍රවාහන මාධ්‍යයන් වැඩිදියුණු කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ අත්‍යවශ්‍ය සේවා නගා සිටුවීමපෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද බවට පත්කිරීම පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

වැඩ සටහනේ නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද 200ක්‌ විදුලි ත්‍රීරෝද රථ බවටපරිවර්තනය කෙරන අතර බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රීරෝද රථ 100 බැගින් ඒ සඳහා තෝරාගනු ලැබේ.

වැඩසටහන අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,

ත්‍රී රෝද රථ කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන මෙම විශේෂ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාකර දීම පිළිබඳව රජය සහ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අපගේ ගෞරවය සහ ස්තූතිය පිරිනැමීමට මා කැමතියි. තවදුරටත් පොසිල ඉන්ධන භාවිතය ඉන්ධන නිපදවන සහ නොනිපදවන සෑම රටකටම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි ඉතාමත් කුඩා ආර්ථිකයක් හිමි රටකට ඉන්ධන සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉසිලිය නොහැකි තරමේ බරක්. එබැවින් කඩිනමින් විකල්ප බලශක්ති සඳහා යොමුවීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒ හේතුවෙන් මෙරට ධාවනය ත්‍රිරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීම රජයේ ප්‍රතිපත්තියක් ලෙසම පිළිගැනීමට‍අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා ලෙස මා පියවර ගත්තා.

එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන, කාර්මික, මෝටර් රථවාහන ක්ෂේත්‍රයේ කටයුතු කරන පෞද්ගලික ආයතන සහ නිෂ්පාදකයින් රැසක් ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ කර්මාන්තය උදෙසා ආයෝජන සිදු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතීන් සැකසීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදුකර තිබෙනවා. ඒ අනුව මේ වන විට ඕනෑම විදුලි ත්‍රිරෝද රථයක් ලියාපදිංචි කර මෙරට ධාවනය කිරීමේ අවස්ථාව හිමිවනවා. රටට අත්‍යවශ්‍ය සහ ඉතාමත් හිතකර මෙවැනි ව්‍යාපෘතීන් වෙත අඛණ්ඩව සහයෝගය ලබාදෙමින් දිරිගැන්වීමේ වගකීමරජයක් ලෙස අප ඉටු කිරීමට බලාපොරොත්තු වනවා.

තරගකාරී නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස විදුලි ත්‍රී රෝද රථ සහ මෝටර් රථ නිෂ්පාදනය සහ පරිවර්තනය කිරීමේ කර්මාන්තය ව්‍යාප්ත කිරීම රටක් වශයෙන් මේ මොහොතේ ඉතාමත් ඵලදායි ආයෝජනයක්. ඊට අවශ්‍ය දියුණු තාක්ෂණය මේ වන විටත් අපේ රට තුළම නිර්මාණය වී තිබෙනවා.

කර්මාන්තයක් ලෙස වඩාත් වර්ධනය වෙමින්, මෙරට මාර්ග පද්ධතියට විදුලි ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන එක් වීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය වන ආරෝපණ මධ්‍යස්ථාන දිවයින පුරා අධිවේගී මාර්ග ඇතුළු අනෙකුත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අවසරය සහ අනුමැතිය ලබාදී තිබෙනවා.

ආනයන පිරිවැය අවම කිරීමේ අභියෝගයකට රට මුහුණ දී ඇති මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ඊට ඉමහත් පිටුවහලක්.

එසේම ත්‍රිරෝද රථ ධාවනය වෘත්තියක් ලෙස සිදුකරන බොහෝ පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් වෘත්තීය අභිමානයක් සහිත පිරිසක් බවට පත් කිරීමට මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල්ව රට පුරා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා පටු අදහස් වලින් මිදෙමින් කටයුතු කිරීම තුලින් විදුලි ත්‍රීරෝද රථ ධාවනයට එක් කරමින් ජාත්‍යන්තර අවධානය දිනාගන්නා රටක් බවට පත්වීමට අපට හැකියාව ලැබෙනවා. එහි ඉදිරි පියවරක් ලෙස අනාගතයේ දී සූර්ය බලශක්තිය යොදා ගනිමින් රථ වාහන ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම අපගේ මීළඟ බලාපොරොත්තුවයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය, මෝටර් රථ ප්‍රවාහනකොමසාරිස් ජනරාල් නිශාන්තඅනුරුද්ධ වීරසිංහ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්