Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ක්‍රියාත්මක ව්‍යාපෘති

ක්‍රියාත්මක ව්‍යාපෘති ( 2017 වර්ෂය)

ව්‍යාපෘතියේ නම

සිසු සැරිය

හැඳින්වීම

"පාසල ආරම්භයට පෙර " හා " අවසන් වූ පසු" යන ගමන් වාර 2ක් පමණක් ක්‍රියාත්මක, සහනදායී ගාස්තුවක් යටතේ පාසල් සිසුන් පමණක් ප්‍රවාහනය කරයි.

අරමුණ / ප්‍රතිලාභ

පාසල් සිසුන් සඳහා නිසි වේලාවට ආරක්ෂිතව හා අඩු වියදමකින් ප්‍රවාහන පහසුකම් සැලසීම හා මාර්ග තද බදය අවම කිරීම.

ව්‍යාපෘතියේ නම

ගැමි සැරිය.

හැඳින්වීම

සාමාන්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් (දැනට බස් රථ ධාවනය නොකරන දුෂ්කර මාර්ග) නොමැති මාර්ග වල බස් රථ ධාවනයට එක් කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

ග්‍රාමීය ජනතාවට අඛණ්ඩව විශ්වාසනීයව හා ලභදායීව ප්‍රවාහන පහසුකම් සැපයීම.

ව්‍යාපෘතියේ නම

නිසි සැරිය.

හැඳින්වීම

අදාළ මාර්ගයේ රාත්‍රී අවසන් ගමන්වාරය මෙන්ම අළුයම පළමු ගමන් වාරය පොදු බස් සේවා යොදවා ධාවනය කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

මගින්ට අවම ප්‍රවාහන වියදම් සහිත  විශු්වාසදායී හා ආරක්ෂාකාරී ලෙස සිය ගමනාගමන අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම.

ව්‍යාපෘතියේ නම

සමීක්ෂණ.

හැඳින්වීම

ජාතික නියාමන ආයතනයක් වශයෙන් ප්‍රවාහනය පිලිබඳ ඉදිරි සැළසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය වන දත්ත සපයා ගැනීම සඳහා සමීක්ෂණ සිදු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

ප්‍රතිපත්ති සකස් කිරීමේදී, සැලසුම් සම්පාදනය කිරිමේදී සහ අවස්ථානුකූලව ගතයුතු තීරණ වලදී අවශ්‍ය දත්ත සැපයීම මෙහි අරමුණ වේ.

ව්‍යාපෘතියේ නම

රියදුරු කොන්දොස්තර පුහුණු කිරීම.

හැඳින්වීම

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ වල රියදුරු හා කොන්දොස්තර මහතුන් පුහුණු කරනු ලබයි.

අරමුණ / ප්‍රතිලාභ

මගී ජනතාව වෙත කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් ලබා දීම හා රියදුරු කොන්දොස්තර මහතුන්ගේ සේවය වෘත්තීමය මට්ටමකට ගෙන ඒම.

ව්‍යාපෘතියේ නම

කාල සටහන් හා සේවා අධීක්ෂණය.

හැඳින්වීම

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බස් ධාවකයින්ට සම අවස්ථා සැලසෙන පරිදි ධාවන කාල සටහන් සස් කිරීම‍ .

අරමුණ / ප්‍රතිලාභ

ධාවකයින්ගේ ව්‍යාපාරික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම හා මගී ජනතාවට විශ්වාසනීය, ආරක්ෂාකාරී මෙන්ම ඉහළ ගුණාත්මක භාවයකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීම. බස් රථයක් දිනකට ධාවනය වන කිලෝමීටර් ප්‍රමාණය උපරිම කිරීම.

ව්‍යාපෘතියේ නම

බස් ගාස්තු සකස් කිරීම.

හැඳින්වීම

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීම, බස් ගාස්තු විෂමතා ඉවත් කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

විවිධ භූමි විෂමතා අනුව ඒ ඒ මාර්ග සඳහා සාධාරණ ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීම, බස් රථ සේවා යොදවන්නන් විසින් තම අභිමතය පරිදි මගීන්ගෙන් ගාස්තු අයකිරීම වැලැක්වීම.

ව්‍යාපෘතියේ නම

අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ ඒකකය.

හැඳින්වීම

අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවාවන්ට අදාළ තොරතුරු ජාතික ගමනාගමන කොමිෂන් සභා වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

බස් ගාස්තු පිළිබඳ දත්ත ජා.ග.කො.ස වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි වීම, අන්තර් පළාත් බස් රථ කාල සටහන් වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට කටයුතු කිරීම, කාර්යාලයීය හා ප්‍රධාන බස් නැවතුම්පල තුළ පරිගණක පද්ධතිය පවත්වාගෙන යාම, නඩත්තු කිරීම හා අළුත්වැඩියා කිරීම.

ව්‍යාපෘතියේ නම

ජී.පී.එස් තාක්ෂණය උපයෝගී කරගැනීමේ නව ක්‍රමවේදය

හැඳින්වීම

අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් සේවාවන් නිසි ක්‍රමවේදයක් යටතේ නියාමනය කිරීම සඳහා ජී.පී.එස් තක්ෂණය උපයෝගී කර ගැනීම.

අරමුණ / ප්‍රතිලාභ

පොදු ප්‍රවාහන සේවාවේ පවතින ගැටළු අවම කිරීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම.

ව්‍යාපෘතියේ නම

ජාතික ප්‍රවාහන සංඛ්‍යාන වාර්තාව.

හැඳින්වීම

ප්‍රවාහනයට සම්බන්ධ රාජ්‍ය ආයතන වලින් දත්ත එක්රැස් කර එම දත්ත විශ්ලේෂණය කර වාර්ෂික වාර්තාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

ප්‍රවාහනයට සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමේ යෙදෙන හා ප්‍රවාහනය පිළිබඳ සැලසුම් සකස් කරන ආයතන සඳහා අවශ්‍ය සංඛ්‍ය දත්ත රැස් කිරීම, ගබඩා කිරීම හා විශ්ලේෂණය කිරීම.

ව්‍යාපෘතියේ නම

මාර්ග ආරක්ෂාව පිළබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්.

හැඳින්වීම

පාසල් දරුවන් මාර්ග අනතුරු වලට ලක්වීමේ ප්‍රවණතාවය අවම කිරීම සඳහා මෙය ආරම්භ කර ඇත.

අරමුණ / ප්‍රතිලාභ

රථ නියාමනය කරනු ලබන පාසැල් දරුවන් වෙත මාර්ග ආරක්ෂාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දී එම දරුවන් හරහා පාසලේ අනෙක් සියළු දරුවන්ද ඒ පිළිබඳ දැනුවත් කිරීම..

ව්‍යාපෘතියේ නම

බස් පර්යන්ත / බස් නැවතුම්පල ගොඩ නැගීම

 

හැඳින්වීම

පොදු මගී ප්‍රවාහනයට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය කෙරෙහි මහජනතාවගේ කැමැත්ත හා විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම, පොදු මගි ප්‍රවාහන සේවාවේ සඳහා මහජනතාව ආකර්ශනය කිරීම.

ව්‍යාපෘතියේ නම

ඉලෙක්ට්‍රොනික් කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීම (මුලික කටයුත් පමණක් 2016 වර්ෂය තුල අවසන් කර ඇත)

හැඳින්වීම

ඉලෙක‍්ට්‍රොනික් කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීම.

අරමුණ / ප්‍රතිලාභ

පොදු මගී සේවාව කෙරෙහි මහජනතාව තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීම හා ඉතා කාර්යක්ෂම ලෙස මගී සේවාව පවත්වාගෙන යාම.

ව්‍යාපෘතියේ නම

ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාල ‍ගොනැගිල්ල නවීකරණය කිරීම

හැඳින්වීම

නවීන පහසුකම් සහිත කාර්යාල ගොඩනැගිල්ලක් බවට පත් කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යාල කටයුතු කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම..

ව්‍යාපෘතියේ නම

විවේක ස්ථාන මගී විවේක ස්ථාන ගොඩනැගීම.

හැඳින්වීම

දුර ගමන් සේවාවේ යෙදෙන පොදු මගී බස් රථ වල ගමන් ගන්නා මගීන් මෙන්ම බස් රථ රියදුරු හා කොන්දොස්තර මහතුන් වෙත විවේකය ලබා දීමත් ආහාර හා පාන වර්ග ලබා ගැනීමටත් සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කර ගැනීමටත් පහසුකම් සැපයීම මෙමගින් අපේක්ෂා කෙරේ.

අරමුණ / ප්‍රතිලාභ

පොදු මගී සේවාව සඳහා මහජනතාව ආකර්ශනය කිරීම මෙම පහසුකම් සැපයීමේ අරමුණ වේ. එමගින් විවිධ පාරිසරික, සෞඛ්‍ය මෙන්ම සමහර ආර්ථීක ගැටළු සඳහා ද විසඳුම් ලබා ගත හැක.