IMG 20200511 WA0001

ඇඳිර නීතිය ලිහිල් කිරීමන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික ආයතන 2020-05-11 දින සීමාවන් සහිතව විවෘත කිරීමට රජය ගත් තීරණයෙන් පසු ප්‍රවාහණ සේවා කළමනාකරණ  අමාතයංශයද  සෞඛ්‍ය උපදෙස් පරිදි ප්‍රවාහණ ‍සේවා සැලසීමට සුදුසු පියවර ගන්නා ලදී.

ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2020-05-11 දින ය කොටුව ​​දුම්රිය ස්ථානයට ගොස් එහි කටයුතු නිරීක්ෂනය කලේය.විශේෂයෙන්ම දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙන මගින්ගේ ශරීරි‌ උෂ්ණත්වය මැන‌ෙබලන අධි සංවේදි කැමරා පද්ධතිය  අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කලේය.

කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය විෂබීජානුහරණය කිරීමේ වැඩ පිළිවෙළක්ද මේ වනවිට ආරමභකර ඇති අතර එම  කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක  වන්නේ ද යන්න  අධීක්ෂණය ට ලක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද උපදෙස් දී තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ  ලේකම් ගාමිණි සෙනවිරත්න, දුම්රිය දෙපාර්තමේන්තුවහි සාමාන්‍යධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.

නවතම පුවත්