SHAN2964

දැනට කොළඹ දුම්රිය ස්ථානයේ හා කොළඔ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස්රථ නැවතුම් පොළ‍හි මෙන්ම කොළඹ ලංගම බස් නැවතුම් පොළ‍හි මගී ජනතාව කොරෝනො  වෛයිරස් ආසාදනයෙන් වලක්වා ගැනීම සඳහා ඔවුන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයා දී තිබේ.

මෙම වැඩ පිළිවෙල තවත් පුලුල් කරමින් දිවයිනේ සෑම දුම්රිය පොලකම, මෙන්ම බස් නැවතුම් පොළවල ද මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2020-03-15 දින නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය හා බස් රථ විෂබීජානුහරණය කිරීමේ වැඩ පිළිවෙළක්ද මේ වනවිට ආරමභකර ඇති අතර එම  කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක  වන්නේ ද යන්න  අධීක්ෂණය ට ලක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික  ගමනාගමන කොමිසමට හා ලංකා ගමනා ගමන මණ්ඩලයට මෙන්ම ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද උපදෙස් දී තිබේ.