New
Sri Lanka Railways
Procurement of 5,000 nos. EN 45 E1-(45 feet) rails to Sri Lanka Railways
රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර වෙළෙඳ ගුවන් සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
පසුගියදා පැමිණි මාල දිවයින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය මූසා සමීර් මහතා හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර මෙම ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡාව 2017.03.07 දින රත්මලාන ගුවන් තොටුපළ පර්යන්තයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිනය වන සහියා සාරීර්, මාල දිවයින් ජාත්‍යන්තර ගුවන් සමාගමේ කළමණාකරණ අධ්යක්ෂ අබ්දුල් හරීස්, ගුවන් මෙහෙයුම් ප්‍රධානි අහමඩ් ඊබ්‍රහිම්, ගුවන් තොටුපළ සමාගමේ සභාපති සමන් එදිරිවීර, විධායක අධ්යක්ෂ යොහාන් ජයරත්න යන මහත්වරුන්ද සහභාගි වූහ.
2017.03.08 දින බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී පැවති සමස්ත ලංකා රියදුරු පාසැල් හිමියන්ගේ වාර්ෂික සම්මේලනය අමතමින් ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේදි බලපත් ලාභී පුහුණු උපදේශකයින් යොදා ගනිමින් ගුණාත්මක භවයෙන් යුතු තාක්ෂණික හා ප්‍රයෝගික දැනුම සහිත රියදුරන් බිහි කිරීමට පියවර ගැනීම තම අපේක්ෂාව බවයි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා පුරා මාස තුනක් පමණ දිවා කාලය තුල වසා දමා තිබු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සිය මෙහෙයුම් කටයුතු සඳහා 2017.04.06 දින විවෘත කරනු ලැබුයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
නෙදර්ලන්තයේ නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් සමාගමේ (NACO) උපදේශකත්වය යටතේ චීනයේ (CATIC)කැතික් සමාගම විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7.2 ක් වැය වී ඇත.
මෙම උත්සව අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් හා විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
The Inaugural session of International Civil Aviation Organization Air Services Negotiation conference – 2017 was held on 04th December 2017 at BMICH in Colombo. The conference was declared open by Hon. Minister Nimal Siripala de Silva and Deputy Minister Hon. Ashok Abeysinghe also participated.
Mr. Ananda Wimalasiri, Chairman of the Civil Aviation Authority handed over the special edition of ‘GUWANSARA’ magazine to the Minister at the session.
The Secretary, Mr.G.S.Withanage and Director General of the Civil Aviation Authority also attended.
1958 වසරේ නොවැම්බර් මස 17 වන දින සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරනු ලැබූ මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ වසර ගණනාවක් පුරා රට තුළ පැවති කුරිරු යුධමය වාතාවරණය හේතුවෙන් වසර 25 කට ආසන්න කාලයක් යුධ හමුදා හා ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කරන ලදී. නමුත් රට තුළ පවතින වත්මන් සාමකාමී තත්ත්වය පදනම් කර ගනිමින් මෙම ගුවන් තොටුපළ යළි ප්‍රතිසංවර්ධනය කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2016 වසරේ ජූලී 16 වන දින විවෘත කරන ලදී.
වත්මන් රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි ඉරුදින ආරම්භ කෙරිණ. ඒ අනුව ප්‍රථම සිවිල් ගුවන් සේවාව ආරම්භ කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එම නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහ මගීන් රැගත් ගුවන් යානය 2018.03.25 දින පෙරවරු 10.30 ට මඩකලපුව ගුවන් තොටුපළට ළඟාවන ලදී.
ඉන් අනතුරුව අමාත්‍යවරුන් විසින් මගී පර්යන්ත ගොඩනැගිල්ල විවෘත කෙරුණු අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් එච්.එම්.සී.නිමලසිරි මහතා විසින් ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට අවසරය ලබාදෙන බලපත්‍රය ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර මහතා වෙත භාරදෙන ලදී.
මෙම ගුවන් තොටුපළ නවීකරණය කොට ප්‍රතිසංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1400 ක මුදලක් රජය විසින් වැය කර ඇත. ඒ අනුව මීටර් 1066 ක් දිගින් හා මීටර් 46 ක් පළලින් යුතු ධාවන පථය බිටුමින් ආස්තරයක් යොදා (BITUMEN LAYER) ප්‍රතිසංවර්ධනය කොට ධාවන පථයේ නව විදුලි පද්ධතියක්ද ස්ථාපිත කොට ඇත. මීට අමතරව මගී පර්යන්ත ගොඩනැගිල්ලද සියලු පහසුකම් සහිතව නවීකරණය කොට ඇත.
මඩකලපුව ගුවන් තොටුපළ, මඩකලපුව නගරයේ සිට 1.7 km ක් පමණ දුරින් සේත්තුකුඩා යන ප්‍රදේශයේ පිහිටා ඇති අතර, කටුනායක සිට 206 km ක් හා රත්මලාන ගුවන් තොටුපළේ සිට 222 km ක දුරින් පිහිටා ඇත. මෙම ගුවන් තොටුපළේ සියලු කාර්යයභාරයන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් සිදු කෙරෙන අතර, පෞද්ගලික ගුවන් සේවා සමාගම් කිහිපයක්ම මේ වන විට රත්මලාන හා මඩකලපුව අතර මගී ගුවන් සේවා පවත්වාගෙන යෑම සඳහා කැමැත්ත පළ කර ඇති අතර, මේ තුළින් රජයට ආර්ථික ප්රතිලාභ ළඟාකර ගත හැක.
එමෙන්ම මෙම ගුවන් තොටුපල පරිශ්‍රය තුළ ගුවන් පුහුණු පාසලක් ආරම්භ කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.