දැක්ම

“විශිෂ්ට මෝටර් වාහන නියාමනයෙන් ඉහළ මහජන ප්‍රසාදය”

මෙහෙවර

“අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහළ මහජන ප්‍රසාදයක් උදෙසා කැපවීම.”

හැඳින්වීම

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා 1928 ජනවාරි මස 01 වන දින මෝටර් වාහන රෙජිස්ටාර් කාර්යාලය ලෙස ආරම්භ කරන ලද මෙම කාර්යාලය 1951 අංක 14 දරණ මෝටර් වාහන පනත මඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලෙස පරිවර්තනය කරන ලදී. ශ්‍රී ලංකාව තුළ මෝටර් වාහන ලියාපදිංචිය, නියාමනය, රියදුරු බලපත් නිකුත් කිරීම, මාර්ග ආරක්ෂාව හා පරිසර හිතකාමී වාහන භාවිතය යන අරමුණු පෙරදැරිව කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සපයනු ලබයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ වාහන භාවිතයේ සීඝ්‍ර වැඩි වීමත් සමඟම පුළුල් වී ඇති දෙපාර්තමේන්තු කාර්යයන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉටු කිරීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින්, වේරහැර රියදුරු බලපත් අංශය හා බොහොමයක් දිස්ත්‍රික් කාර්යාල මාර්ගගත (online) සම්බන්ධතාව මත ක්‍රියාත්මක වේ. සියලුම දිස්ත්‍රික් කාර්යාල මාර්ගගත (online) සම්බන්ධතාව මඟින් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන්, ග්‍රාමීය/ප්‍රාදේශීය මට්ටමේ සේවාලාභීන්ගේ අපේක්ෂාවන්/ අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීමත්, නවීන පහසුකම් සහ නව තාක්ෂණය තුළින් සේවාලාභි අපේක්ෂාවන් වඩා පහසු කරලීමත් දෙපාර්තමේන්තුවේ ඉදිරි අභිලාෂයන් වේ.

නවතම පුවත්